• Latest
  • Trending
  • All
HNB enables a plug-and-play e-commerce revolution for businesses with launch of AppiGo

AppiGo යෙදුම බලගන්වා කුඩා ව්‍යාපාරවලට ශක්තියක් වීම සඳහා HNB අතහිත දෙයි

20 May, 2020
All Set For The 'Commander’s Cup 2021' Annual Golf Tournament

All Set For The ‘Commander’s Cup 2021’ Annual Golf Tournament

19 January, 2021
Concerned Company Donors Gift Facemasks & Rapid Antigen Test Kits

Concerned Company Donors Gift Facemasks & Rapid Antigen Test Kits

19 January, 2021
National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO)

NOCPCO: 53,749 Persons Confirmed Positive So Far

19 January, 2021
Park & Ride City Bus

SLT-MOBITEL Powers Sri Lanka’s latest ‘Park & Ride’ City Bus Service with Connectivity Solutions

19 January, 2021
Pioneering Allianz Lanka

Pioneering Allianz Lanka – MegaPay Partnership Set to Boost Access to Third Party Motor Insurance

19 January, 2021
Vygo

Vygo to galvanise Sri Lanka’s tech start-up ecosystem with expansion to the island

19 January, 2021
Stripes & Checks opens flagship store on Havelock Road

Stripes & Checks opens flagship store on Havelock Road

19 January, 2021
SLIM

Build your future in Marketing with SLIM

19 January, 2021
ICRA Lanka

ICRA Lanka revises the rating of Construction Guarantee Fund to [SL]A (Stable)

19 January, 2021
Pan Asia Bank Records Best Ever Financial Results

Pan Asia Bank welcomes 2021

19 January, 2021
Priyantha Talwatte - NTB CEO

IFC’s $25 Million Investment in Nations Trust Bank to Help Sri Lankan Businesses Continue Operations, Preserve Jobs Amid COVID-19

19 January, 2021
HNB recognized at CMA Excellence in Integrated Reporting Awards

HNB recognized at CMA Excellence in Integrated Reporting Awards

19 January, 2021
  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact
Wednesday, 20 January 2021
27 °c
Colombo
25 ° Thu
26 ° Fri
25 ° Sat
25 ° Sun
Sri Lanka News - BusinessNews.lk
  • Home
  • News
    • Local
    • Covid-19
    • Developments
    • Sports
    • World
    • Weather
  • Business
    • Banking & Insurance
    • Corporate
    • CSR
    • Economy
    • Entrepreneur
    • Financial
    • Travel
    • Budget
  • Magazine
  • News – Sinhala
    • Business – Sinhala
No Result
View All Result
Sri Lanka News - BusinessNews.lk
Home Sinhala Business News

AppiGo යෙදුම බලගන්වා කුඩා ව්‍යාපාරවලට ශක්තියක් වීම සඳහා HNB අතහිත දෙයි

by Reporter
20 May, 2020
in Sinhala Business News, Sinhala News Today
1 min read
HNB enables a plug-and-play e-commerce revolution for businesses with launch of AppiGo

HNB enables a plug-and-play e-commerce revolution for businesses with launch of AppiGo

1.5k
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන HNB, සිය පාරිභෝගිකයින්ට AppiGo නම් විප්ලවීය අන්තර්ජාල භාණ්ඩ හා සේවා විකුණුම් වේදිකාව බලගැන්වීමට මූලිකත්වය ගෙන ඇති අතර එමඟින් ඕනෑම ව්‍යාපාරයකට පහසුවෙන් හා ඉක්මනින් අඛණ්ඩව e-commerce හැකියාවන් පිහිටුවීමට හැකියාව ඇති කරයි.
සුප‍්‍රසිද්ධ මෘදුකාංග සංවර්ධන විශේෂඥයින් වන hSenid සමඟ එක්ව වැඩි දියුණු කර ඇති AppiGo Powered by HNB ක්ලික් කිරීම් කිහිපයකින් ඕනෑම ව්‍යාපාරයකට අන්තර්ජාලය හරහා වෙළෙඳාම් කිරීම සඳහා නිර්මාණය කර ඇත. මෙයට, පාරිභෝගික ඇණවුම් ලබා ගැනීමට සහ පාරිභෝගික අවශ්‍යතාවන් ඉටු කිරීමට හැකියාව ඇති, එමෙන්ම පාරිභෝගිකයින් වෙත භාණ්ඩ බෙදා හැරීම නිරීක්ෂණය කිරීමේ පද්ධතිවලට අමතරව අන්තර්ජාල ගෙවීම් භාර ගැනීම සහ පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමේ වැඩසටහන් පවා නිර්මාණය කළ හැකි ඒ ඒ ව්‍යාපාරයට ආවේණික වූ වෙබ් අඩවි ඇතුළත් වේ.
‘‘ශ්‍රී ලංකාව e-commerce වෙත මාරු වීම මෑත වසරවල ස්ථාවර සාර්ථකත්වයක් අත්පත් කර ගනිමින් සිටියි. කෙසේවෙතත්, කොවිඞ්-19 ව්‍යාප්තයත් සමඟ මෙම ඉල්ලූම ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර බොහෝ කුඩා ව්‍යාපාර සහ ආපනශාලාවලට ඩිජිටල් විසඳුම් සොයමින් මෙම අභියෝගාත්මක තත්වය තුළ ගමන් කිරීමට සිදුව තිබේ. බොහෝ දෙනෙකුට තම පාරිභෝගිකයින්ගේ ඇණවුම් පිළිබඳ කටයුතු කිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකාවන් සහ Whatsapp වෙත විශ්වාසය තැබීමට සිදුව ඇත.
‘‘එබැවින් AppiGo යෙදුම කඩිනමින් හඳුන්වා දීම අතිශයින් කාලෝචිතය. ඒ මක්නිසාද යත් මෙම ව්‍යාපාරවලට සමස්ත ක‍්‍රියාදාමයන් මුළුමනින්ම විධිමත් කිරීමට හැකියාව ඇති කරන හෙයිනි. මෙමගින් ඔවුන්ගේ නිෂ්පාදන පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබා ගත හැකි වන අතරම ඔවුන්ගේ පරිපාලනමය වශයෙන් ඇති වැඩ කටයුතු ප‍්‍රමාණය ද බොහෝ සෙයින් අඩු වෙයි. අපගේ ඉදිරි ඉලක්කය වන්නේ e-commerce අවකාශය තුළට තම ව්‍යාපාරය සමඟ ක‍්‍රමයෙන් ඉදිරියට යාමට අපේක්ෂා කරන ඕනෑම වෙළෙන්දෙකුට අවම වියදමකින් පහසුවෙන් ප‍්‍රවේශ වීමට ඉඩ සැලසීමයි,’’ යනුවෙන් HNB හි පාරිභෝගික බැංකු කටයුතු සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.
ඕනෑම වෙළෙඳ ව්‍යාපාරයකට ඉතාමත්ම පහසුවෙන් මෙම වේදිකාව භාවිතා කිරීම සඳහා ලියාපදිංචි විය හැකි බව තහවුරු කිරීමට බැංකුව පියවර ගෙන තිබේ. AppiGo යෙදුම භාවිතා කිරීමට බලාපොරොත්තු වන ඕනෑම වෙළෙන්දෙක් මූලික ලියකියවිලි අන්තර්ජාලය හරහා ඉදිරිපත් කළ යුතුය.
අනුමත වූ පසු, එම වෙළෙන්දාම ඔවුන්ගේ වෙළෙඳ ලාංඡනය, වෙළෙඳ සන්නාම වර්ණ, නිෂ්පාදන සහ මිල ලැයිස්තු ආදියෙන් තම වෙබ් දොරටුව තමාට ආවේණික ලෙස වෙනස් කිරීම වහාම ආරම්භ කළ හැකි අතර පාරිභෝගික ඇණවුම් ලබා දීම ද ආරම්භ කළ හැකිය. සමස්ත වෙබ් අභිරුචිකරණ ක‍්‍රියාවලිය නොහොත් තමාම අවශ්‍ය පරිදි වෙනස් කිරීම ඉතා විධිමත් වන අතර එය විනාඩි 15ක් වැනි සුළු කාලයකින් සම්පූර්ණ කළ හැකිය. සම්පූර්ණ වෙළෙඳ වෙබ් පිටුව සියලූම උපාංගවල ක‍්‍රියාත්මක වන පරිදි එනම් අනුවර්තනය හා ප‍්‍රතිචාර දැක්වීමට හැකි වන ලෙස වැඩි දියුණු කර ඇත. HNB හරහා ගෙවීම් ලබා ගන්නා අතරතුර මෙමගින් පාරිභෝගික ඇණවුම් සුරක්ෂිතව සහ ක‍්‍රමානුකූලව ලබා ගැනීමට හා ඉටු කිරීම ඇරඹීමට වෙළෙන්දන්ට හැකියාව ලබා දෙයි.
අන්තර්ජාල වේදිකාව භාවිතය සහ සමස්ත ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලිය මුළුමනින්ම නොමිලේ වන අතර නාමික ගනුදෙනු ගාස්තුවක් පමණක් අය කෙරේ.
සැලකිය යුතු කරුණක් නම්, පද්ධතිය සැලසුම් කර ඇත්තේ ඕනෑම වෙළෙන්දකුගේ දැනට පවතින බෙදා හැරීමේ සේවාවන් සමඟ එකාබද්ධ වීමට හැකි වන අතර, බෙදා හැරීම ආරම්භ කර නොමැති අයට අතිරේක වියදමකින් AppiGo හරහා තෙවන පාර්ශ්වීය බෙදා හැරීමේ සේවාවන්ට ප‍්‍රවේශ විය හැකියි.
Business Today සඟරාව විසින් ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් අතර අංක 1 ව්‍යාපාරික ආයතනය ලෙස HNB නම් කරන ලද අතර වසර ගණනාවක් පුරා හැටන් නැෂනල් බැංකුව සමස්ත බැංකු ක්ෂේත‍්‍රය තුළ පෙන්වු සාර්ථකත්වය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ඒෂියන් බෑන්කර් සඟරාව මගින් පිරි නැමූ ‘ශ‍්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැංකුව’ සම්මානය මෙන්ම හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ‘CEO Leadership Achievement’ සම්මානය මගින් ද පිදුම් ලැබීම හැටන් නැෂනල් බැංකුවේ සාර්ථකත්වයට දිය හැකි හොඳම උදාහරණ වේ.
මීට අමතරව තවත් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති හැටන් නැෂනල් බැංකුව යුරෝමනී සඟරාව මගින් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස අඛණ්ඩව තුන්වන වරටත් නම් කරන ලදී. එමෙන්ම එක්සත් රාජධානියේ ප‍්‍රමුඛතම බැංකු සඟරාවක් වන ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද, ශ්‍රී ලංකාවේ පිහිටි ජාත්‍යන්තර වානිජ්‍ය මණ්ඩලය (International Chamber of Commerce, Sri Lanka) හා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම අගය කරන ලද සමාගම් 10’ අතරට ද HNB නම් කරන ලදී. HNB හි විශිෂ්ටතවය ප‍්‍රකට කළ තවත් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවේ සියලූම බැංකු අභිබවා LMD සඟරාව මගින් Top 100 Club පළමු ස්ථානයට පත් වීම දැක්විය හැකියx පසුගිය වසර 25 තුළ එකී සමාගමේ කාර්යසාධනය මත පදනම්ව මෙම ඇගයීම සිදු කෙරේ.
HNB AppiGo පිළිබඳව වැඩි විස්තර සඳහා 072-080-8080 අමතන්න නැත්නම් cardipg@hnb.lk වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරන්න.

Tags: BusinessBusiness WorldColomboEntrepreneurFinancial NewsGoogleGoogle Business NewsGoogle My BusinessGoogle.lkHatton National Bank HNBLkLocal NewsNatBSNewsNews from AsiaNews From Sri LankaSouth AsiaSri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|WorldWhat is Businesswww.businessnews.lkwww.businessstudio.lk
Share128Tweet80

Related Posts

HNB offers Cashback to Credit Cardholders for orders on Uber Eats
Sinhala Business News

Uber Eats හරහා ඇණවුම් කරන ණයපත් හිමියන්ට HNB වෙතින් ආපසු මුදල්

14 November, 2020
Gunarathne
Sinhala Business News

ප‍්‍රතිසංස්කරණ ක‍්‍රමවේදය: කුඩා තේ වතුහිමියන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඵලදායීතාවයේ වැදගත්ම අංශයයි

14 November, 2020
Sophos
Sinhala Business News

සක‍්‍රීය සයිබර් ආරක්ෂණ ප‍්‍රහාර හඳුනා ගැනීම සහ උදාසීන කිරීම සඳහා Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාවක් (Rapid Response) දියත් කරයි

14 November, 2020
Central Bank of Sri Lanka
Sinhala Business News

කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ණය සහන කාලයක් ලබාදීම

13 November, 2020
Mahinda Rajapaksa
Sinhala Local News

සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබනවා- ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

12 November, 2020
President Gotabaya Rajapaksa
Sinhala Local News

නිවාස ව්‍යාපෘති රැසක ඉදිකිරීම් එකවර …කඩිනමින් වැඩ ඇරඹීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනපති ඇරයුම් ..

12 November, 2020

RECENT

Park & Ride City Bus

SLT-MOBITEL Powers Sri Lanka’s latest ‘Park & Ride’ City Bus Service with Connectivity Solutions

19 January, 2021
Pioneering Allianz Lanka

Pioneering Allianz Lanka – MegaPay Partnership Set to Boost Access to Third Party Motor Insurance

19 January, 2021
Vygo

Vygo to galvanise Sri Lanka’s tech start-up ecosystem with expansion to the island

19 January, 2021
Stripes & Checks opens flagship store on Havelock Road

Stripes & Checks opens flagship store on Havelock Road

19 January, 2021
SLIM

Build your future in Marketing with SLIM

19 January, 2021
ICRA Lanka

ICRA Lanka revises the rating of Construction Guarantee Fund to [SL]A (Stable)

19 January, 2021
Pan Asia Bank Records Best Ever Financial Results

Pan Asia Bank welcomes 2021

19 January, 2021
Priyantha Talwatte - NTB CEO

IFC’s $25 Million Investment in Nations Trust Bank to Help Sri Lankan Businesses Continue Operations, Preserve Jobs Amid COVID-19

19 January, 2021
HNB recognized at CMA Excellence in Integrated Reporting Awards

HNB recognized at CMA Excellence in Integrated Reporting Awards

19 January, 2021
DFCC Bank with a Heritage of 65 Years maintains the National Long – Term Rating at AA-(lka) - Sri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|World

DFCC Bank launches Affinity Credit Card with Trinity College Kandy Old Boys’ Association, Colombo Branch

19 January, 2021
Sri Lanka News - BusinessNews.lk

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Navigate Site

  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • News
  • Local
  • Business
  • Covid-19
  • Sports
  • World
  • Magazine
  • Business – Sinhala

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist