Developing News Today – Sinhala

Developing News Today - Sinhala

Semi Luxury බස් සේවාව සම්බන්ධව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කරයි

February 19, 2020

අර්ධ සුඛෝපභෝගී හෙවත් Semi Luxury බස් සේවාව සම්බන්ධව ජාතික ගමනාගමන කොමිසම විසින් සිදු කරන ලද සමීක්ෂණයකදී මහජනතාව ප්‍රකාශ කර තිබුණේ එම බස්රථ සේවාව මහජන හිතකාමී නොවන බැවින් අහෝසි කර දමන ලෙසයි.

කොලොන්නාව ”සංහිඳ සෙවණ” නිවාස ව්‍යාපෘතිය මාර්තු මාසයේදී ජනතා අයිතියට

February 19, 2020

කොළඹ දිස්ත‍්‍රික්කයේ අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන පවුල් වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘති කඩිනම් කිරීමට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

Vantage FA CUP – 2019 ශූරතාවය පොලිස් පාපන්දු කණ්ඩායම විසින් හිමිකර ගනී

February 11, 2020

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරන ලද Vantage FA CUP – 2019 තරඟාවලිය, දිවයිනේ පැවැත්වෙන ප්‍රධානතම පාපන්දු තරඟමාලාව වන අතර, මෙම තරඟාවලිය 2019 මාර්තු මස ආරම්භ කර, දිවයින පුරා සිටින පාපන්දු කණ්ඩායම් 827කගේ සහභාගීත්වයෙන් පිළිමළුන් පිටු දැකීමේ පදනම මත පවත්වන ලදි.

හැදෙන රටට වැඩෙන ගසක් තේමාව පෙරදැරි කර ගනිමින් ධිවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ පරිශ්‍රයේ රුක්රෝපණ වැඩසටහනක්

February 11, 2020

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයට අනුව රට වෘක්ෂලතා වලින් පිරවීම සදහා 72වන නිදහස් දිනයට සමගාමීව ආරම්භ කරන ලද රුක්රෝපන සතිය වැඩපිළිවෙලට දායකත්වය දෙමින් ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහාතාගේ උපදෙස් පරිදි 2020.02.07 වන දින එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත අතර හමුවක්

February 11, 2020

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Emma Brigham මහතා අතර හමුවක් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී 2020.02.05 දින පැවැත්විණි.

රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පැවැත්වෙන වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා දින හා වේලාවන් වෙන් කරවාගැනීමට පහසුකම් සලසමින් අන්තර්ජාල යෙදවුමක් Internet Application හඳුන්වා දෙයි.

January 31, 2020

රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පැවැත්වෙන වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා දින හා වේලාවන් වෙන් කරවා ගැනීමට පහසුකම් සලසමින් අන්තර්ජාල යෙදවුමක් Internet Application හඳුන්වා දෙයි.

ජනතාවට සහනය ලබාදීමේ අරමුණින් ණය සහනදායක මණඩලයේ කටයුතු තවදුරටත් පුළුල් කෙරේ.

January 31, 2020

ණය සහන මණ්ඩලයේ කටයුතු පුළුල් කර දැනට පවතින නඩු ප්‍රමාණය ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සහනය ලබාදීමේ අරමුණින් දැනට සිටින සාමාජිකයින් පස් දෙනා 17 ක් දක්වා වැඩි කිරීමට ගත් තීරණය අනුව තවත් සාමාජිකයින් 12

සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම ඩිජිටල්කරණය කිරීමට රජයෙන් සැලසුම්

January 27, 2020

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයේ (ICTA) අධීක්‍ෂයණ හා කළමනාකරණය යටතේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය (ICT) හරහා ඒකාබද්ධ පද්ධතියක් යටතේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඩිජිටල්කරණය කිරීමට රජය කටයුතු කරමින් සිටියි.

අධිකරණ ඇමති ශ්‍රී ලංකාවේ මාලදිවයින තානාපති ඕමාර් අබ්දුල් රසාක් හමු වෙති.

January 20, 2020

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින තානාපති ඕමාර් අබ්දුල් රසාක් මහතා (His Excellency Omar Abdul Razzak) අතර හමුවක් 2020.01.14 අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදු විය.