Home » Developing News Today - Sinhala » හැදෙන රටට වැඩෙන ගසක් තේමාව පෙරදැරි කර ගනිමින් ධිවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ පරිශ්‍රයේ රුක්රෝපණ වැඩසටහනක්

හැදෙන රටට වැඩෙන ගසක් තේමාව පෙරදැරි කර ගනිමින් ධිවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ පරිශ්‍රයේ රුක්රෝපණ වැඩසටහනක්

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයට අනුව රට වෘක්ෂලතා වලින් පිරවීම සදහා 72වන නිදහස් දිනයට සමගාමීව ආරම්භ කරන ලද රුක්රෝපන සතිය වැඩපිළිවෙලට දායකත්වය දෙමින් ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහාතාගේ උපදෙස් පරිදි 2020.02.07 වන දින එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මේ සදහා අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වීමක් කල අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය මෙරට වන ගහනය සීග්‍රයෙන් පහත වැටීම අප මුහුණ දී ඇති බරපතල ගැටළුවක් බවත් මේ හේතුවෙන් නියගය, ගංවතුර, නාය යාම් ආදී පාරිසරික අතුරු විපාක බොහෝමයකට පසුගිය කාලයේදී මුහුණ පෑමට සිදු වු බව අප දන්නා කරුණකි. මීට අමතරව වානිජ භෝග ඇතුළු වගා කටයුතු සදහා වනාන්තර එළිකිරීම, නාගරීකරණය, ජනාවාස ව්‍යාපෘති, සංවර්ධන ව්‍යාපෘති, අවිධිමත් ඉඩම් පරිහරණය, කැලෑ ගිනි තැබීම්, දැව ජාවාරම් හේතුවෙන් රට තුල වනාන්තර සිග්‍ර යෙන් විනාශ වෙමින් පවතින අතර මෙය අවබෝධ කර ගත් වර්ථමාන රජය රට පුරා රුක් රෝපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන මේ මොහොතේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ලෙස අපගේ දායකත්වය ලබා දීමට අප සියලු දෙනා කැප විය යුතුය.