Home » Developing News Today - Sinhala » රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පැවැත්වෙන වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා දින හා වේලාවන් වෙන් කරවාගැනීමට පහසුකම් සලසමින් අන්තර්ජාල යෙදවුමක් Internet Application හඳුන්වා දෙයි.

රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පැවැත්වෙන වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා දින හා වේලාවන් වෙන් කරවාගැනීමට පහසුකම් සලසමින් අන්තර්ජාල යෙදවුමක් Internet Application හඳුන්වා දෙයි.

රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පැවැත්වෙන වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා දින හා වේලාවන් වෙන් කරවා ගැනීමට පහසුකම් සලසමින් අන්තර්ජාල යෙදවුමක් Internet Application හඳුන්වා දෙයි.

රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පැවැත්වෙන වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා දින හා වේලාවන් වෙන් කරවා ගැනීමට පහසුකම් සලසමින් අන්තර්ජාල යෙදවුමක් Internet Application හඳුන්වා දීමට ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය විසින් පියවර ගෙන තිබේ.

රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පැවැත්වෙන වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා දින හා වේලාවන් වෙන් කරවාගැනීමට පහසුකම් සලසමින් අන්තර්ජාල යෙදවුමක් Internet Application හඳුන්වා දෙයි.   -  Sri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|Worldරියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පැවැත්වෙන වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා දින හා වේලාවන් වෙන් කරවාගැනීමට පහසුකම් සලසමින් අන්තර්ජාල යෙදවුමක් Internet Application හඳුන්වා දෙයි.   -  Sri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|World

මෙම අන්තර්ජාල යෙදවුම හඳුන්වා දීමේ වැඩ සටහන 2020-1-22 සෙත්සිරිපාය ප්‍රවහාන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ප්‍රවාහණ සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න, ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනයේ වැඩබලන සභාපති ස්වර්ණා ද සිල්වා, ප්‍රධාන වෛද්‍ය නිලධාරි ශාමිකා සමරසේකර මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

පසුගිය දා අතිගරු ජනාධිපතිතුමන් මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුවේ සිදු කළ හදිසි පරීක්ෂා කිරීමේ වැඩ සටහනේ දී මහජනතාවට කඩිනම් සේවාවක් ලබා දීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස නිලධාරින්ට දැනුම් දී තිබිනි. ඒ අනුව අවස්ථා ගණනාවක දී මහජන සේවාවන් කඩිනම් හා විදිමත් කරලීම සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩ පිළිවෙල රුසක් ආරම්භ කර තිබේ.

එහි එක් පියවරක් වශයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම අන්තර් ජාල යෙදවුම මගින් මින්පසු මහජනතාවට රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන වෛද්‍ය වාර්තා ලබා ගැනීමට දින හා වේලාවන් වෙන් කරවා ගැනීම නිවසේ සිටම සිදු කළ හැකිය. මෙම වැඩ පිළිවෙළේ තවත් දිගුවක් ලෙස ජංගම දුරකථන සඳහා ද යෙදවුමක් Mobile App ඉදිරි සති දෙක තුළ හඳුන්වා දීමට නියමිතය.

මෙම නවතම අන්තර් ජාල යෙදවුම මගින් ලබන 2020-1-26 සිට සේවාවන් ලබා ගැනීමට හැකිවන අතර මෙම සිකුරාදා දක්වා එම යෙදවුම ක්‍රියාත්මක කිරීම පරීක්ෂණ මට්ටමින් සිදු කෙරේ.

මෙම අවස්ථාවට සහභාගි වු අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ මහජනතාවට ලබා දෙන සේවාවන් කඩිනම් කිරීම සඳහා මේ වනවිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් හා ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය මගින් නවතම වැඩ පිලිවෙළ ගණනාවක් ක්‍රියාත්මක කර ඇති බවයි. මෙම වසර අවසන් වීමට ප්‍රථම මහජනතාවට නිවසේ සිටම රියදුරු බලපත්‍රය ලබා ගත හැකි වන පරිදි නවීකරණ කටයුතු සිදු කරන බවත්, දැනට වෛද්‍ය සහතික ලබා දීමේ ක්‍රමවේදය ඉතාමත් ලිහිල් කර ඇති බවත් කීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දූෂිතම රාජ්‍ය ආයතන ලැයිස්තුවේ තිබෙන මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුව ලංකාවේ කාර්යක්ෂම හා හොඳම ආයතනය බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ සඳහා නිලධාරිහු රැසක් කැප වී කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.