• About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact
Sunday, 5 February 2023
28 °c
Colombo
27 ° Mon
27 ° Tue
27 ° Wed
26 ° Thu
Sri Lanka News - BusinessNews.lk
  • Home
  • Brief
  • News
    • Local
    • Covid-19
    • Developments
    • Sports
    • World
    • Weather
  • Business
    • Banking & Insurance
    • Corporate
    • CSR
    • Economy
    • Entrepreneur
    • Financial
    • Travel
    • Budget
  • Mag
  • News – Sinhala
    • Business – Sinhala
No Result
View All Result
Sri Lanka News - BusinessNews.lk
Home Sinhala Business News

ශ්‍රී ලංකාවේ ශ්වසන නිෂ්පාදන පුරෝගාමී ලීනා මැනුෆැක්චරින් සමාගම දශකයක් සපුරයි

by Editor
25 April, 2021
in Sinhala Business News, Sinhala News Today
1 min read
355 4
Lina Manufacturing celebrates a decade of growth and innovation of home-grown respiratory care products
316
SHARES
1.4k
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ පළමු ශ්වසන සත්කාර පර්යේෂණ හා නිෂ්පාදන සමාගම වන ලීනා මැනුෆැක්චරින් (Lina Manufacturing) පසුගියදා සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය. 2011 වර්ෂයේ අප්‍රේල් මස පළමුවැනි දින, වාණිජ නිෂ්පාදනයන් සඳහා ආරම්භ කරන ලද රත්මලාන, බොරුපන හි පිහිටි මෙම කර්මාන්තශාලාව, මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් නිෂ්පාදිත නවීන මෘදුකාංගයකින් අනූන ඩ්‍රයි පවුඩර් ඉන්හේලර් (DPI) උපාංගය වන ‘Ventohaler’, වෙළඳපොලෙහි ඇති අනෙකුත් ශ්වසන නිෂ්පාදනවලට වඩා රෝගීන් හට සුවිශේෂී ප්‍රතිලාභ ලබා දෙයි. මෙම කර්මාන්තශාලාව පෞද්ගලික සහ රාජ්‍ය ආයතන සඳහා ස්වශන සත්කාර සඳහා නිෂ්පාදන රැසක් සපයනු ලබයි.

‘Ventohaler’ නිෂ්පාදනය නිර්මාණය කර ඇත්තේ රෝගීන් හට වඩාත් පහසු ආකාරයෙන් තම ඖෂධ මාත්‍රාව ලබා ගැනීමටයි. Ventohaler භාවිතා කිරීමේදී රෝගියා ආශ්වාස කරන විට, එහි දෙපැත්තෙන් වාතය ගමන් කිරීම මඟින් ඉන්හේලරය තුල චක්‍රවාතයක් නිර්මාණය වේ. එමඟින් රෝගියාට නියමිත මාත්‍රාවෙන් වැඩි ප්‍රමාණයක් පෙණහැල්ල තුලට ගමන් කරවීමේ හැකියාව Ventohaler සතු වේ.

තවද, රසායනික සංයෝගය පහළ පෙණහලුවලට ළඟා වූ පසු රෝගීන්ට වඩාත් එලදායි ලෙස සහනයක් ලබා දීම සඳහා රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ හැකි ආකාරය ද ලීනා මැනුෆැක්චරින් සමාගම විසින් පර්යේෂණය කරන ලදී. ලීනා සමාගම විසින් මෙම සාර්ථක අවසන් ප්‍රථිපලය ලබා ගැනීම සඳහා විශේෂිත ත්‍රිමාණ මිශ්‍රකයක් භාවිතා කරන ලදී. එම මිශ්‍ර සංයෝගයට සහ ‘Ventohaler’ සඳහා 2010 සහ 2011 දී ජනාධිපති සම්මානය ද  හිමි විය.

“මෙම වැදගත් සන්ධිස්ථානය සැමරීමට හැකිවීම පිළිබඳව ලීනා මැනුෆැක්චරින් සමාගම අතිශයින් ආඩම්බර වෙනවා. සංකල්පයක සිට වාණිජකරණය දක්වා වෛද්‍ය උපකරණ නවෝත්පාදනය කිරීමට අප සතුව හැකියාව ඇති  අතර, අපගේ කණ්ඩායම්වල වෙහෙස මහන්සිය හා කැපවීමේ ප්‍රතිපලයක් ලෙස ලීනා සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ශ්වසන සත්කාර නිෂ්පාදකයා බවට පත්වීමට හැකි වීම ගැන නිහතමානිව ආඩම්බර වනවා.බොහෝ දුරක් සාර්ථකව ආ මේ ගමනේ ඉදිරි දශකය තුළට පිවිසෙන විට, ලිනා මැනුෆැක්චරින් සමාගම ආසියානු කලාපයේ ප්‍රමුඛ තරඟකරුවෙකු  වීමටත්, අපගේ නිෂ්පාදන තුළින් රෝගීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා . අපගේ තවත් ප්‍රධානතම අරමුණු වන්නේ මෙරට ඖෂධ ආනයනය මත රඳා පැවතීම අඩු කිරීම සඳහා කටයුතු කිරීමට අවශ්‍ය අයුරින්, අප සතු අති නවීන නිෂ්පාදන හැකියාවන්, රජයේ අරමුණු වලට අනුකූලව, තවදුරටත් වැඩිදියුණු කරන අතරම දේශීය කුසලතා සංචිතයට උචිත රැකියා අවස්ථා ලබා දීම සඳහා ශක්තිමත් වේදිකාවක් නිර්මාණය කිරීමයි.” යැයි ලීනා මැනුෆැක්චරින් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී රොහාන් වෙත්තසිංහ මහතා පැවසීය.

ඖෂධ සැකසීම හා ඇසුරුම්කරණය සඳහා වන ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර නිෂ්පාදනය කරන ලොව ප‍්‍රමුඛ පෙළේ සමාගමක් වන ඉතාලියේ IMA සමූහයේ නවතම යුරෝපීය බෙහෙත් නිෂ්පාදන පෙළක් සඳහා ලීනා මැනුෆැක්චරින් සැලකිය යුතු ආයෝජනයක් සිදු කොට ඇති අතර තවත් නිෂ්පාදන හඳුන්වා දීම සඳහා සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන (R&D ) කටයුතු සඳහා සැලකිය යුතු ආයෝජන අඛණ්ඩව සිදු කරයි.  ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා පෞද්ගලික අංශය හට  ඖෂධ සංයෝග සංවර්ධනය කොට සැලකිය යුතු සැපයීමක් ද සිදු කරනු ලබයි. GMP සහ ISO 9001 සහතික කරන ලද ලීනා මැනුෆැක්චරින් සමාගම සතු කඩවත පිහිටි අති නවීන කර්මාන්ත ශාලාව, සම්මානලාභී Ventohaler නිෂ්පාදනයට අමතරව Beclovent, Flutivent, Salbuvent, Prazolin සහ Winterpan ඇතුළු ශ්වසන නිෂ්පාදන රාශියක් නිෂ්පාදනය කරයි.

2020 දෙසැම්බර් මාසයේදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා හා හෙල්ත්ගාර්ඞ් ඔසුසැල් ජාලයෙන් සමන්විත සිය ව්‍යාපාරය සහ අක්බාර් හෙල්ත්කෙයාර් හි ව්‍යාපාරික ඒකක වන අක්බාර් ෆාමසූටිකල්ස් ලීනා මැනුෆැක්චරින් හා ලීනා ස්පයිරෝ සමඟ උපායමාර්ගික ඒකාබද්ධතාවයක් නිවේදනය කළේය. මෙම ඒකාබද්ධතාවය අනුමත වීම මගින් පාරිභෝගික සෞඛ්‍යාරක්ෂණ නිෂ්පාදන නිපද වීමේ සිට දිවයින පුරා සිදු කරන අවසන් බෙදා හැරීම දක්වා වන අංශ පහකින් සර්ව සම්පූර්ණ වූ ශ්‍රී ලංකාවේ පළමු සුව සේවා සමාගම බවට සන්ෂයින් හෙල්ත්කෙයාර් පත් වනු ඇත. ඒ අනුව පර්යේෂණ හා සංවර්ධන (R&D), නිෂ්පාදනය, ආනයනය, බෙදා හැරීම හා පාරිභෝගික යන සුව සේවා සැපයුම් ජාලය සඳහා අවශ්‍ය සියලූම අංශ ආවරණය කරමින් සමාගම දැන් ක‍්‍රියාත්මක වනු ඇත. මෑතකදී සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගමේ (SHL) අනුබද්ධිත සමාගමක් වන ලීනා ස්පයිරෝ පුද්ගලික සමාගම (Lina Spiro (Pvt) Ltd), ශ්‍රී ලංකාවේ ප‍්‍රථම Metered-Dose ඉන්හේලර් (MDI) නිෂ්පාදන කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී.

ජාතික ආර්ථිකයට තීරණාත්මක දායකත්වයක් ලබා දෙන ඖෂධ ක්ෂේත‍්‍රය සඳහා ආයෝජනය කිරීමට ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ සමාගම් දෙකක් එක්ව කටයුතු කිරීමත් සමඟ මෙම ඒකාබද්ධතාවය මගින් රටේ ඖෂධ නිෂ්පාදන ධාරිතාවය ද ඉහළ නංවනු ඇත. තවද ඔවුන්ගේ ව්‍යාපාරික ශක්තීන් එක් කිරීමෙන් ඒකාබද්ධ වූ මෙම ව්‍යාපාරයට තවදුරටත් නිෂ්පාදන ධාරිතාවය ගොඩනැංවීමට මෙන්ම දැනට පවතින හා නව ඖෂධ සංයෝග සංවර්ධනයට හා නිෂ්පාදන පරිමාව වැඩි කිරීමට ද කලාපීය ඖෂධ සමාගම් අතර තාක්ෂණය හුවමාරු කර ගැනීමට පෙළෙඹ වීම ද අතිගරු ජනාධිපතිතුමාගේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ අනුව දේශීය ඖෂධ නිෂ්පාදනය සමස්තයක් ලෙස ඉහළ නැංවීමට ද හැකි වනු ඇත.

Share126Tweet79

Related Posts

Nimmi Harasgama Sri Lankan actress nominated for British TV Award
Entertainment

Nimmi Harasgama Sri Lankan actress nominated for British TV Award

28 May, 2021
Jude Gomes, Chief Executive Officer of Union Assurance
Sinhala Business News

ශ්‍රී ලංකාවේ සමාගම් සඳහා යූනියන් ඇෂුවරන්ස් වෙතින් ‘Group Health’ නමින් පරිපූර්ණ ඩිජිටල් ජීවිත රක්ෂණ විසඳුමක්

25 April, 2021
Eco Spindles
Sinhala Business News

Eco Spindles ලෝකයේ හොඳම ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම් 10 අතරට ශ්‍රේණිගත වෙයි

25 April, 2021
Eco Spindles talks responsible recycling at CFW’s Fashion Summit
Sinhala Business News

Eco Spindles, CFW විලාසිතා දැක්මේදී ප‍්‍රතිචක‍්‍රීයකරණයේ වැදගත්කම පිළිබඳව ලොවටම කියයි

25 April, 2021
Airtel partners TRCSL ‘Gamata Sanniwedanaya’ to boost network in Ratnapura
Sinhala Business News

රත්නපුරයේ සිය ආවරණ ජාලය ඉහළ නැංවීමට එයාර්ටෙල් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සමඟ එක්වෙයි

25 April, 2021
Softlogic 4 her
Sinhala Business News

ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමට හා දිරිමත් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් ‘4Her’ නමින් දිගුකාලීන වැඩසටහනක්

19 March, 2021

RECENT

Lives lost in war cannot be restored but income lost in economic war can be restored – President

Lives lost in war cannot be restored but income lost in economic war can be restored – President

2 February, 2023
Emirates ready to serve travellers and welcome tourists to Dubai

Fly Emirates to Dubai and enjoy a free night’s stay at Fairmont The Palm

2 February, 2023
St. Anthony’s Hardware celebrates the children at Lama Sewana Detention Home

St. Anthony’s Hardware celebrates the children at Lama Sewana Detention Home

2 February, 2023
Singer Sri Lanka unveils the all-new SINGER RED Loyalty Program

Singer Sri Lanka unveils the all-new SINGER RED Loyalty Program

2 February, 2023
Sri Lanka Telecom and Mobitel

SLT-MOBITEL gifts customers amazing 75GB YouTube data to celebrate the 75th Independence Day

2 February, 2023
Ninewells Hospital hands over donation to the ‘Feed a Child’ initiative of the Sri Lanka College of Paediatricians

Ninewells Hospital hands over donation to the ‘Feed a Child’ initiative of the Sri Lanka College of Paediatricians

2 February, 2023
Allianz Insurance

Allianz Child Protector – Helping You Protect Life’s Most Precious Gift

2 February, 2023
HNB Assurance

HNB Assurance produces phenomenal MDRT Qualifiers

2 February, 2023
International Debit Card & ComBank Digital free for ComBank FC account holders

International Debit Card & ComBank Digital free for ComBank FC account holders

2 February, 2023
UB Finance Powers STC Basketball

UB Finance Powers STC Basketball

2 February, 2023
NDB hosts auction AI-Generated visuals as part of Corporate Sustainability Initiative

NDB hosts auction AI-Generated visuals as part of Corporate Sustainability Initiative

2 February, 2023
DFCC Bank and Citizens Development Business Finance PLC (CDB) Enter into Strategic Partnership to Expand Inward Remittance Services

DFCC Bank and CDB Enter into Strategic Partnership to Expand Inward Remittance Services

2 February, 2023
Sanasa Life Introduces “Pinsaru Vandana” – A Premium Insurance Policy for Buddhist Clergy

Sanasa Life Introduces “Pinsaru Vandana” – A Premium Insurance Policy for Buddhist Clergy

2 February, 2023
Crocodile unveils 7th outlet in Colombo 7

Crocodile unveils 7th outlet in Colombo 7

2 February, 2023
DIMO expands its annual book distribution to the communities in the fisheries sector

DIMO expands its annual book distribution to the communities in the fisheries sector

2 February, 2023
CIPM Sri Lanka

CIPM Research Reveals the Way Forward to Attract Youth to Tertiary Vocational Education & Training (TVET) Education

2 February, 2023
Brandix Manusathkara Thilina 2022 offers hope to over 16,000 students with the gift of school essentials

Brandix Manusathkara Thilina 2022 offers hope to over 16,000 students with the gift of school essentials

2 February, 2023
E-commerce: An Islandwide Phenomenon and a Youth-oriented Futuristic Industry of Sri Lanka – Report

E-commerce: An Islandwide Phenomenon and a Youth-oriented Futuristic Industry of Sri Lanka – Report

2 February, 2023
JKH Chairman Krishan Balendra

John Keells Holdings records EBITDA growth of  9% to Rs.10.41 billion in Q3

2 February, 2023
Hatch Enters Partnership with Draper Startup House to Strengthen Sri Lanka’s Position as a Startup Nation

Hatch Enters Partnership with Draper Startup House to Strengthen Sri Lanka’s Position as a Startup Nation

1 February, 2023
Asian Paints Causeway Adds Color to ‘Kedella – Art of Living’ as the Official Paint Partner\

Asian Paints Causeway Adds Color to ‘Kedella – Art of Living’ as the Official Paint Partner

1 February, 2023
Nursing Jobs

Pilot Project to Provide Nursing Courses for Foreign Employment

1 February, 2023
A/L, O/L Students siting for Exam

Now You can apply for the 2022 O/L exam online – Commissioner General of Examinations

1 February, 2023
Election Commission Sri Lanka

A gazette announcing the date of the local government election has been published

1 February, 2023
Prime Minister to present Rs 130 billion supplementary bill to pay back ex-govt’s arrears - Sri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|World

The Cabinet has approved amendments to the Social Security Tax Act – Bandula Gunawardena

1 February, 2023
Karu Jayasuriya

Karu Jayasuriya to conferred with honorary title ‘Sri Lankabhimanya’

1 February, 2023
Prime Minister suggests that the tourism industry could provide the strongest help to Sri Lankan economy and appoints honorary consuls to promote it

Prime Minister suggests that the tourism industry could provide the strongest help to Sri Lankan economy and appoints honorary consuls to promote it

1 February, 2023
US Under-Secretary for Political Affairs Victoria Nuland visits Sri Lanka, pledges continued support

US Under-Secretary for Political Affairs Victoria Nuland visits Sri Lanka, pledges continued support

1 February, 2023
Sagala Ratnayake

World Bank’s Economic Reform Assistance Program Discussed at Presidential Secretariat Meeting chaired by Sagala Ratnayake

1 February, 2023
president secretary office colombo

President Ranil Wickremesinghe issues orders to further curtail government expenditure

1 February, 2023
Sri Lanka News - BusinessNews.lk

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Navigate Site

  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • News
  • Local
  • Business
  • Covid-19
  • Sports
  • World
  • Magazine
  • Business – Sinhala

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist