• About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact
Sunday, 2 April 2023
28 °c
Colombo
27 ° Mon
27 ° Tue
27 ° Wed
26 ° Thu
Sri Lanka News - BusinessNews.lk
  • Home
  • News
    • Local
    • Developments
    • Sports
    • World
    • Weather
  • Business
    • Banking & Insurance
    • Corporate
    • CSR
    • Economy
    • Entrepreneur
    • Financial
    • Travel
    • Budget
  • News – Sinhala
    • Business – Sinhala
  • Entertainment
    • Mobile
    • Technology
    • Vehicle
    • Things to do
No Result
View All Result
Sri Lanka News - BusinessNews.lk
Home Sinhala Business News

ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමට හා දිරිමත් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් ‘4Her’ නමින් දිගුකාලීන වැඩසටහනක්

by Editor
19 March, 2021
in Sinhala Business News, Sinhala News Today
1 min read
375 4
Softlogic 4 her
333
SHARES
1.5k
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සියලූ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ සිය කැපවීම විදහා දක්වමින් 2021 අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව 4Her නමින් නවතම වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේය. මෙවැනි වැඩසටහනක් මෙරට ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලාංකික කාන්තාවන්ට රටේ, සමාජයේ හා තම සේවා ස්ථාන සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට හා සමව ප‍්‍රතිලාභ භුක්ති විඳීමට වැඩි අවස්ථාවන් සහිත සුරක්ෂිත හා ඉහළ සහයෝගයකින් යුතු ව්‍යාපාර පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා සුවිශේෂී හා නව්‍ය වැඩසටහන් ගණනාවකින් මෙම 4Her නම් වේදිකාව සමන්විත වේ.

සොෆ්ට්ලොජික් ලයිෆ් හි ජ්‍යෙෂ්ඨ හා උද්යෝගීමත් කාන්තා නායිකාවන්ගෙන් සමන්විත ක‍්‍රියාශීලි කණ්ඩායමක පුරෝගාමීත්වයෙන් මෙම 4Her වේදිකාව 2021 මාර්තු 8 වන දින සොෆ්ට්ලොජික් සමූහයේ ප‍්‍රධාන ඩිජිටල් සේවා නිලධාරීනි සහ ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී හි සභාපතිනී රේණුකා ප‍්‍රනාන්දු මහත්මිය online තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගනිමින් සුහද හා හරවත් කතාබහක් සමඟ ආරම්භ විය. මේ සඳහා සිදු කරනු ලබන සජීවි සාකච්ඡාවන් මාලාවේ පළමු වැඩසටහන මෙය වූ අතර මෙමගින් ශ්‍රී ලංකාවේ සාර්ථක කාන්තා නායිකාවන් සමඟ කටයුතු කිරීමට හා ඉගෙන ගැනීමට කාන්තා සේවිකාවන්ට හැකියාව ලැබේ. තමන්ගේ සිහින සැබෑ කරගැනීමට දිනපතා දිගු වේලාවක් වැඩ කරමින් හා දැඩි වීර්යයෙන් කටයුතු කරමින් සහ තමා වෙනුවෙන් පමණක් නොව තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සාර්ථක වීමට නිරන්තරයෙන් උත්සාහ කරන දැඩි කැපවීමෙන් යුතු කාන්තාවන්ගෙන් ආභාෂය ලද මෙම 4Her වේදිකාව මගින් වැඩිම බලපෑමක් ඇති වන අයුරින් කාන්තා ශ‍්‍රම බලකායේ දිගුකාලීන හා දැනට පවතින සිහින හා අනාගත අපේක්ෂාවන් සැබෑ කර ගැනීමට සහයෝගය ලබා දී ඇත.

රැකියාව හා පුද්ගලික ජීවිතය අතර සමතුලිතතාවය, ව්‍යවසායකත්වය, අධ්‍යාපනය හා නායකත්වය යන සංවර්ධනය සඳහා අවශ්‍ය වන මූලික අංශ හතරක් සැලකිල්ලට ගනිමින් සකස් කරන ලද සාමූහික වැඩසටහන්වලින් මෙම 4Her වේදිකාව සමන්විත වේ. මෙම සියලූ වැඩසටහන්වල අරමුණ වන්නේ කාන්තාවන්ට වඩාත් ආදර්ශවත්ල වර්ධනය අරමුණු කරගත් වැඩ පසුබිමක් නිර්මාණය කිරීම වන අතර එමගින් කාන්තා කාර්යමණ්ඩල සාමාජිකාවන්ට හෝ ව්‍යවසායිකාවන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමට ඉඩ සලසන අතරම වැඩපොලේදී හෝ නිවසේදී ඔවුන් සිදු කරනු ලබන විවිධ කාර්යභාරයන් හොඳින් කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබේ.

මෙහිදී හඳුන්වා දී ඇති ඇතැම් ප‍්‍රායෝගික නව පියවරයන් සියලූම වැදගත් මාතෘ නිවාඩු ප‍්‍රතිලාභවලට අදාල වන අතර අලූතින් මාතෘ පදවිය ලබන මව්වරුන්ට ඔවුන්ගේ අලූත් හා සංකීර්ණ භූමිකාවට හැඩගැසෙන අතරම නිවසේ සිට වැඩ කිරීමට පහසු වන ලෙස නම්‍යශීලි වේලාවක් ද ලබා දීම විශේෂිතය. මීට අමතරව මව් පදවිය ලැබීමට සූදානමින් සිටින මව්වරුන්ට දරු ප‍්‍රසූතියට පෙර හා පසුව online තාක්ෂණය ඔස්සේ මානසික සුවතාවය පිළිබඳ විශේෂ උපදේශන ලබා දීමට සොෆ්ට්ලොජික් සමුහයට අයත් මෙරට ප‍්‍රමුඛතම පෞද්ගලික සුව සේවා ආයතනයක් වන ආසිරි රෝහල් සමූහය සමඟ එක්ව වැඩපිළිවෙලක් සකස් කර ඇත.

අධ්‍යාපනය, නායකත්වය හා නිපුණතා සංවර්ධනය ආදිය සැලකීමේදී සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් කාන්තා නායකත්වය පිළිබඳ විශේෂ ආකෘතියක් සමාගමේ සමස්ත මෙහෙයුම් ක‍්‍රියාවලිය පුරාවට හඳුන්වා දීමට නියමිතය. මේ යටතේ සොෆ්ට්ලොජික් ලයිෆ් කාර්ය මණ්ඩලයේ සිටින දක්ෂ කාන්තාවන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමාගමේ ඉදිරියෙන් සිටින සාර්ථක අලෙවි සාමාජිකයින් බවට පත් වීමේ ඔවුන්ගේ වෘත්තීය ගමන ආරම්භ කිරීම සඳහා ඉහළ වටිනාකමින් යුත් උපදේශන අවස්ථා සමඟ පුහුණු කරනු ඇත. තවද සොෆ්ට්ලොජික් ලයිෆ් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය සමඟ එක්ව ඔවුන්ට අනිවාර්ය පුහුණුවක් ද ලබා දෙනු ඇත.

‘‘කාන්තා නායකත්වය: COVID-19 ලෝකයක සමාන අනාගතයක් අත්කර ගැනීම’’ යන මෙවර අන්තර්ජාතික කාන්තා දින තේමාවේ අරමුණ වන්නේ COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ වඩාත් සමාන අනාගතයක් ඇති කිරීමෙහිලා ලොව පුරා සිටින කාන්තාවන් හා ගැහැණු ළමුන් දක්වන දායකත්වය සැමරීමයි. දැනටමත් ආසන්න වශයෙන් 35%ක් පමණ අඩු දායකත්වයක් දක්වන මෙරට කාන්තා ශ‍්‍රම බලකාය දැනට පවතින කොවිඞ්-19 වසංගතය හේතුවෙන් තවත් පහළ යනු ඇතැයි අනුමාන කෙරේ. සොෆ්ට්ලොජික් ලයිෆ් හි උප සභාපතිනී – අලෙවි කවින්ද්‍රා රාජපක්ෂ මහත්මිය පවසන්නේ මෙවැනි අසීරු අවස්ථාවන් වෙනස් කිරීමට කාන්තාවන් තුළ වූ දැඩි උනන්දුව මෙම අද්විතීය වැඩසටහනට ප‍්‍රබල සාධකයක් වූ බවයි. සියලූ බාධක බිඳ දමා සමාගම තුළ සාර්ථක වීමට කාර්ය මණ්ඩලයේ සිටින කාන්තාවන්ට සහාය වීම හා මෙරට කාන්තාවන්ට වැඩකටයුතු කිරීම සඳහා සුදුසු ව්‍යාපාරික පසුබිමක් නිර්මාණය කිරීම තුළින් මෙම කාර්යය ආරම්භ කළ හැකි බව ඇය පෙන්වා දෙයි.

‘‘වැඩකරන කාන්තාවන්ට දිගුකලක් තිස්සේ විඳින්නට සිදු වූ හිරිහැර පීඩා පිළිබඳව කොවිඞ්-19 වසංගතය නිසා අපගේ අවධානයට ලක් වී තිබෙනවා. මිනිසුන්ගේ ආශාවන් පිළිගන්නා හා ඔවුන්ට හොඳින් ජීවත්වීමට උත්තේජනයක් සපයන වෙළෙඳ නාමයක් ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලංකාව පුරා සිටින සියලූම කාන්තාවන්ට සහ සමාගමේ කාන්තා සාමාජිකයින්ට වැඩි සහයෝගයක් ලබා දෙන ආයතන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණින් 4Her වේදිකාව සකස් කරනු ලැබුවා. කාන්තාවන්ට ඔවුන්ගේ පෞද්ගලික හා වෘත්තීය ජීවිතය සමබරව පවත්වා ගෙන යාමට උපකාරී වන යම් විකල්පයක් අවශ්‍යයි. එම අභියෝගයන්ට මුහුණ දෙමින් අපගේ සමාගම තුළත් හා ඉන් පිටතදීත් මෙම වෙනස ආරම්භ කිරීමට හා ඒ වෙනුවෙන් මූලිකත්වය ගැනීම අපගේ යුතුකම බව සියලූ සේවකයින්ට සම අවස්ථාවන් සලසා දෙන සමාගමක් ලෙස අප දැඩිව විශ්වාස කරනවා.’’ යනුවෙන් ඇය පැවසුවාය.

‘‘කාන්තා කාර්ය මණ්ඩලයට හා ව්‍යවසායිකාවන්ට ඔවුන්ගේ උපරිම සාර්ථකත්වය කරා යාමේදී මුහුණ දීමට සිදුවන මෙවැනි ගැටළු විසඳීම සඳහා අපගේ සම්පත් හා කැපවීම එකට එක් කළ වැදගත් අවස්ථාවක් ලෙස මෙම වැඩසටහන පෙන්වා දිය හැකියි. 4Her වේදිකාවේ ක‍්‍රමෝපායන් තුළින් අපගේ කාන්තා ශ‍්‍රම බලකායට උපරිම ප‍්‍රතිලාභ ලබා ගැනීමට සහ එය සමාජයේ දියුණුවට යොදා ගත හැකි ශක්තිමත් වැඩසටහනක් ලෙස සංවර්ධනය කිරීම සඳහා මෙම 4Her වේදිකාවට තවදුරටත් ආයෝජනය කිරීමට අප බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් රාජපක්ෂ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

සමාගමෙන් පරිබාහිරව මෙම වෙනස ආරම්භ කිරීම සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් EO Sri Lanka සමඟ ඇති කරගත් හවුල්කාරීත්වය හරහා සමාගමට සම්බන්ධ බාහිර කාන්තා ව්‍යවසායිකාවන් නගා සිටුවීම සඳහා වටිනා මූලාශ‍්‍ර හා අරමුදල් ලබා දීමෙන් ඔවුන්ට උපකාර කිරීමට සමාගම එඩිතර පියවරක් ගෙන ඇත. තවද මෙරට කාන්තාවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා උපරිම වාසි සහිත සුවිශේෂී කාන්තා ජීවිත රක්ෂණාවරණයක් හඳුන්වා දීමට සොෆ්ට්ලොජික් ලයිෆ් අරමුණු කරයි.

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සීහි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙඳ, තොරතුරු හා සන්නිවේදන, සංචාරක, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ‍්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ‍්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැලකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයින් වන Leapfrog Investments ද ඇතුළත් වේ.

(වමේ සිට) සොෆ්ට්ලොජික් ලයිෆ් Alternate Channel හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර ලක්මිනි රාමනායක, ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී හි සභාපතිනී සහ සමූහයේ ප‍්‍රධාන ඩිජිටල් සේවා නිලධාරීනි රේණුකා ප‍්‍රනාන්දු සහ සොෆ්ට්ලොජික් ලයිෆ් හි උප සභාපතිනී – අලෙවි කවින්ද්‍රා රාජපක්ෂ යන මහත්මීන් ඡුායාරූපයේ වෙයි.

Share133Tweet83

Related Posts

Fitch Ratings
Business News

Fitch Ratings Places Sri Lanka Telecom’s ‘A(lka)’ Rating on Positive Watch

28 March, 2023
Ranjith Siyambalapitiya
Local News

Government to Resume Interest-Free Loans for Students Pursuing Higher Education – Dr. Ranjith Siyambalapitiya

19 March, 2023
Parliament of Sri Lanka launches a Parliamentary Internship Program
Local News

Parliament of Sri Lanka launches a Parliamentary Internship Program

18 March, 2023
Gamika De Silva Assistant General Manager, Marketing and Sales, Seylan Bank
Banking & Insurance

Seylan Bank’s Tikiri Gift Voucher Scheme gives kids a wider choice of rewards for saving

21 February, 2023
Nimmi Harasgama Sri Lankan actress nominated for British TV Award
Entertainment

Nimmi Harasgama Sri Lankan actress nominated for British TV Award

28 May, 2021
Jude Gomes, Chief Executive Officer of Union Assurance
Sinhala Business News

ශ්‍රී ලංකාවේ සමාගම් සඳහා යූනියන් ඇෂුවරන්ස් වෙතින් ‘Group Health’ නමින් පරිපූර්ණ ඩිජිටල් ජීවිත රක්ෂණ විසඳුමක්

25 April, 2021

RECENT

Hunas Falls Hotels PLC

Hunas announces landmark partnership with hotelier of the century Adrian Zecha

30 March, 2023
Link Natural unveils ‘Swastha by Link Natural’ a novel experiential centre in Colombo 07

Link Natural unveils ‘Swastha by Link Natural’ a novel experiential centre in Colombo 07

30 March, 2023
Sagala Ratnayake

Government pledges to resolve construction sector issues soon as possible – Mr. Sagala Ratnayake

30 March, 2023
President Ranil Wickremesinghe

By 2048, students will be equipped with modern technology to lead the country into a bright future – President Ranil Wickremesinghe

30 March, 2023
04th round of negotiations on the proposed Sri Lanka-Thailand Free Trade Agreement

04th round of negotiations on the proposed Sri Lanka-Thailand Free Trade Agreement Concluded

30 March, 2023
SLASSCOM

SLASSCOM launches the 2022 Compensation and Benefits Report for Sri Lanka’s IT/BPM Industry

29 March, 2023
CISI CEO Tracy Vegro

Untapped potential for learning and development in SL financial services market: CISI CEO Tracy Vegro

29 March, 2023
Empowering the Asian Palm Oil Industry

Empowering the Asian Palm Oil Alliance (APOA) Stakeholders Meeting in Kuala Lumpur Sets a Course for Sustainable Development and Cooperation

29 March, 2023
Central Bank of Sri Lanka (CBSL)

Central Bank warns of significant risks in cryptocurrency use and investment

29 March, 2023
Sri Lankans Vote Dialog as the Telecommunication Brand of the Year for 12th Consecutive Year

Sri Lankans Vote Dialog as the Telecommunication Brand of the Year for 12th Consecutive Year

29 March, 2023
Seylan Bank Ranked Number One for ‘Customer Service Excellence’ - Sri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|World

Fitch assigns Seylan Bank’s Basel III Subordinated Debt Final ‘BBB(lka)’/RWN

29 March, 2023
ComBank conducts programme for Women MSMEs in celebration of Women’s Month

ComBank conducts programme for Women MSMEs in celebration of Women’s Month

29 March, 2023
CEYPETCO Fuel Station

Fuel Prices Take a Dip: Significant Reductions Across Petrol and Diesel

29 March, 2023
Parliament Insight: Committee Meeting News

Sri Lanka Parliament’s 22nd to 24th March 2023 session highlights

29 March, 2023
Harin Fernando

A committee appointed at the ministerial level to provide land title deeds expeditiously in the Ministerial Consultative Committee on Tourism and Land Affairs

29 March, 2023
Parliament of Sri Lanka

Parliament to convene only on April 4th next week

29 March, 2023
HIGH POSTS COMMITTEE

Constitutional Council approves the appointment of retired High Court Judge K.B.K Hirimburegama as the new Ombudsman

29 March, 2023
Ruwan Wijewardene

Sri Lanka ready to mobilize green energy investments in the energy sector 

29 March, 2023
ICCR proposes to set up Sinhala and Hindi language departments in Indian and Sri Lankan universities

ICCR proposes to set up Sinhala and Hindi language departments in Indian and Sri Lankan universities

29 March, 2023
There is nothing more valuable than teaching children - Prime Minister Dinesh Gunawardena

There is nothing more valuable than teaching children – Prime Minister Dinesh Gunawardena

28 March, 2023
President Media Division - PMD

The verification of more than 2.2 million welfare applications has been completed – PMD

28 March, 2023
UNFPA commends Sri Lanka on developing robust national evaluation capacities

UNFPA commends Sri Lanka on developing robust national evaluation capacities

28 March, 2023
CEYPETCO Fuel Station

Sinopec, United Petroleum, RM Parks to enter Fuel Market in Sri Lanka

28 March, 2023
US Dollar - Foreign Currency

CBSL: USD-Rupee exchange rate remains stable

28 March, 2023
Fitch Ratings

Fitch Ratings Places Sri Lanka Telecom’s ‘A(lka)’ Rating on Positive Watch

28 March, 2023
The government intends to make Sri Lanka the region’s first green economy - President Ranil Wickremesinghe

The government intends to make Sri Lanka the region’s first green economy – President Ranil Wickremesinghe

28 March, 2023
Free rice distribution program initiated from Colombo District to 2.9 million low-income families

Free rice distribution program initiated from Colombo District to 2.9 million low-income families

28 March, 2023
Once again, AIA ran for their lives - Proud sponsor of RFTL for the 3rd consecutive year

Once again, AIA ran for their lives – Proud sponsor of RFTL for the 3rd consecutive year

27 March, 2023
Innovative Digital Marketplace to Help Sri Lanka’s Small Businesses

Innovative Digital Marketplace to Help Sri Lanka’s Small Businesses

27 March, 2023
Sri Lanka’s First-Ever Agripreneur Conference to be Organised by Sri Lanka Agripreneurs’ Forum

Sri Lanka’s First-Ever Agripreneur Conference to be Organised by Sri Lanka Agripreneurs’ Forum

27 March, 2023
Sri Lanka News - BusinessNews.lk

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Navigate Site

  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • News
  • Local
  • Business
  • Covid-19
  • Sports
  • World
  • Business – Sinhala

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist