• About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact
Friday, 5 March 2021
25 °c
Colombo
27 ° Sat
26 ° Sun
26 ° Mon
26 ° Tue
Sri Lanka News - BusinessNews.lk
  • Home
  • News
    • Local
    • Covid-19
    • Developments
    • Sports
    • World
    • Weather
  • Business
    • Banking & Insurance
    • Corporate
    • CSR
    • Economy
    • Entrepreneur
    • Financial
    • Travel
    • Budget
  • Magazine
  • News – Sinhala
    • Business – Sinhala
No Result
View All Result
Sri Lanka News - BusinessNews.lk
Home Sinhala Business News

කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ණය සහන කාලයක් ලබාදීම

by Editor
13 November, 2020
in Sinhala Business News, Sinhala News Today
1 min read
Central Bank of Sri Lanka

Central Bank of Sri Lanka

1.5k
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 ව්‍යසනයේ දෙවන ව්‍යාප්තිය නිසා ව්‍යාපාර හා පුද්ගලයින් විසින් මුහුණපා ඇති ගැටළු සලකා බලමින්, බලපත්‍රලාභී බැංකු විසින් කොවිඩ්-19 ව්‍යසනය මගින් බලපෑමට ලක්වී ඇති පුද්ගලයන් හා ව්‍යාපාර වෙත ලබා දී ඇති ණය සහනයෝජනා ක්‍රමය 2020 ඔක්තෝබර් 01 දින සිට තවත් මාස හයක කාලයකින් දීර්ඝ කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත නියෝග කර සිටී. සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන් විසින් ණය සහන කාලය දීර්ඝ කරගැනීම සඳහා වන ඉල්ලීම් 2020 නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කල යුතුවේ. මෙම යෝජනාක්‍රමයේ ප්‍රධාන අංගයන් පහත පරිදි වේ.

  1. කාල සීමාව – සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන් හට ඔවුන් විසින් මුහුණපා ඇති මූල්‍ය දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බැංකුවේ අභ්‍යන්තර මාර්ගෝපදේශ වලට අනුකූලව මාස 6ක් දක්වා හෝ ඊට අඩු කාල සීමාවක් සඳහා ණය සහන කාලසීමාවක් ලබා දිය යුතුය. මෙම ණය සහන කාලය මුල් ණය මුදල සහ පොලී යන දෙකොටස සඳහා ම පිරිනැමිය යුතුය.
  2. සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන් – කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය නිසා මූල්‍ය දුෂ්කරතා වලට මුහුණපා ඇති හඳුනාගත් ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නියුතු ව්‍යාපාර, ව්‍යාපාරිකයන් සහ පුද්ගලයන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ස්වයං රැකියා ව්‍යාපාර සහ විදේශ විනිමය උපයන්නන්.
  3. සුදුසුකම් ලබන ණය පහසුකම් – 2020 ඔක්තෝබර් 01 දින වන විට සක්‍රිය කණ්ඩයේ පැවති, රුපියල් හා විදේශ මුදල් කාලීන ණය, කල්බදු (ලීසිං) පහසුකම්, උකස්, අයිරා, වෙළඳ මූල්‍යන ඇතුළු අනෙකුත් ණය පහසුකම් (සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන යටතේ ලබා දුන් ණය පහසුකම් හැර).
  4. ණය සහන යෝජනාක්‍රමයේ සැකැස්ම

(අ) ණය සහන කාලය තුලදී අයවීමට නියමිත මුල් ණය මුදල සහ පොලිය කාලීන ණයකට හරවනු ඇත.

(ආ) මෙලෙස හරවන ලද රුපියල් ණය සඳහා බැංකු විසින් ණය සහන කාලසීමාව අවසන් වූ වහාම පැවති 364-දින භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි අනුපාතිකයට සියයට එකක් එකතු කල වාර්ෂික පොලී අනුපාතයක් (364-days Treasury Bills auction rate plus 1 per cent per annum) අයකල හැක.

(ඇ) විදේශ මුදල් ණය සඳහා දැනට පවතින වෙළඳපොළ පොලී අනුපාතයට වඩා අඩු පොලී අනුපාතයක් හෝ ගිවිසුම්ගත පොලිය යන විකල්ප දෙකෙන් අඩු අගය හරවන ලද ණය පහසුකම සඳහා අයකල යුතුය.

(ඈ) අයිරා සඳහා අදාල ණය සහන කාල සීමාව තුලදී අයවීමට නියමිත පොලී කාලීන ණයකට හැරවීමට බලපත්‍රලාභී බැංකු කටයුතු කල යුතු අතර, ඒ සඳහා අයකල හැකි උපරිම වාර්ෂික පොලිය සියයට 4ක් නොඉක්මවිය යුතුය.

(ඉ) උකස් පහසුකම් සම්බන්ධයෙන්, ණය සහන කාලය තුලදී අයවීමට නියමිතව ඇති දිනයන් 2021 අප්‍රේල් 01 දක්වා දීර්ඝ කල යුතුය.

(ඊ) ණය කාඩ් පත් සම්බන්ධයෙන් සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන් විසින් කරනු ලබන ඉල්ලීම් සලකා බැලීම සඳහා බලපත්‍රලාභී බැංකු විසින් සුදුසු ව්‍යාපාරික තීරණ ගත යුතුය.

(උ) 2020 ඔක්තෝබර් 01 දින වන විට එකතුවී ඇති සහ නොපියවා ඇති දඩ පොලී ඇත්නම් ඒවා කපාහැරීමට බලපත්‍රලාභී බැංකු විසින් කටයුතු කල යුතුය.

මහජනතාවට ඉහත ණය සහන යෝජනාක්‍රමය පිළිබඳ අමතර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා තම තමන්ගේ බැංකු හා සම්බන්ධ වන ලෙසටත් දැනට ඉහළ යන කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය නිසා සිය බැංකු ණය පහසුකම් ආපසු ගෙවීමේ දී අපහසුතා වලට මුහුණපා ඇති ගනුදෙනුකරුවන් හට සිය අයදුම්පත් 2020 නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර අදාළ බැංකු වෙත යොමු කරන ලෙසටත් මෙයින් දැනුම් දෙනු ලැබේ. පවතින වාතාවරණය හමුවේ ගනුදෙනුකරුවන් බැංකු ශාඛා වෙත එක් රැස්වීම අවම කිරීමේ අරමුණින්, අපහසුතා වලට මුහුණපා ඇති ගනුදෙනුකරුවන් හට ණය සහන ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීම පහසුවන ලෙස, අදාළ තොරතුරු විද්‍යුත් තැපැල් සහ කෙටි පණිවුඩ ඇතුළු මුද්‍රිත/විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සරළ ආකෘතියකින් ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට බලපත්‍රලාභී බැංකු කටයුතු කල යුතුය.

මේ සම්බන්ධයෙන් බලපත්‍රලාභී බැංකු වෙත නිකුත් කරන ලද චක්‍රලේඛය පහත සබැඳිය ඔස්සේ ලබා ගත හැක. Click Here

Share133Tweet83

Related Posts

HNB offers Cashback to Credit Cardholders for orders on Uber Eats
Sinhala Business News

Uber Eats හරහා ඇණවුම් කරන ණයපත් හිමියන්ට HNB වෙතින් ආපසු මුදල්

14 November, 2020
Gunarathne
Sinhala Business News

ප‍්‍රතිසංස්කරණ ක‍්‍රමවේදය: කුඩා තේ වතුහිමියන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඵලදායීතාවයේ වැදගත්ම අංශයයි

14 November, 2020
Sophos
Sinhala Business News

සක‍්‍රීය සයිබර් ආරක්ෂණ ප‍්‍රහාර හඳුනා ගැනීම සහ උදාසීන කිරීම සඳහා Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාවක් (Rapid Response) දියත් කරයි

14 November, 2020
Mahinda Rajapaksa
Sinhala Local News

සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබනවා- ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

12 November, 2020
President Gotabaya Rajapaksa
Sinhala Local News

නිවාස ව්‍යාපෘති රැසක ඉදිකිරීම් එකවර …කඩිනමින් වැඩ ඇරඹීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනපති ඇරයුම් ..

12 November, 2020
President Gotabaya Rajapaksa
Sinhala Local News

කොවිඩ් ව්‍යාප්තියට බලපාන සෙසු සෞඛ්‍ය ගැටළු ජනපති විමසුමට ….

12 November, 2020

RECENT

Fairfirst Insurance awarded at SLIM DIGIS for innovating the digital sphere for a future-ready brand

Fairfirst Insurance awarded at SLIM DIGIS for innovating the digital sphere for a future-ready brand

4 March, 2021
HNB FINANCE reinforces service offering to Anuradhapura with relocation to self-owned premises

HNB FINANCE reinforces service offering to Anuradhapura with relocation to self-owned premises

4 March, 2021
DFCC Bank Sri Lanka

DFCC Bank continues a proactive partnership with CIMA & wins Top Employer Award

4 March, 2021
Prakash Schaffter, Chairman of Janashakthi Insurance PLC

Janashakthi Life demonstrates resilience with commendable growth during 2020

4 March, 2021
IIHS strengthens Sri Lanka healthcare industry with Graduation of over 400 Healthcare Professionals

IIHS strengthens Sri Lanka healthcare industry with Graduation of over 400 Healthcare Professionals

4 March, 2021
Seylan Bank Ranked Number One for ‘Customer Service Excellence’ - Sri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|World

Seylan Bank partners Zimantra Leisure

4 March, 2021
Nations Trust Bank Takes the Lead in Transforming Sri Lanka’s Digital Economy

Nations Trust Bank Takes the Lead in Transforming Sri Lanka’s Digital Economy

4 March, 2021
ReMAtics elevates client offering with News Publisher partnership

ReMAtics elevates client offering with News Publisher partnership

4 March, 2021
Launching the Asian Journal of Management Studies

Launching the Asian Journal of Management Studies

4 March, 2021
Anura Priyadharshana Yapa

Committee on Public Finance has requested that CBSL to develop a people-friendly strategic plan.

4 March, 2021
Sri Lanka News - BusinessNews.lk

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Navigate Site

  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • News
  • Local
  • Business
  • Covid-19
  • Sports
  • World
  • Magazine
  • Business – Sinhala

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist