• Latest
  • Trending
  • All
Nawaloka LAB TESTS ONLINE

නවලෝක රෝහල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඔන්ලයින් රසායනාගාර වෙබ් අඩවිය වන LAB TESTS ONLINE හඳුන්වාදෙයි

27 September, 2020
President

President declares open South Asia’s largest tyre manufacturing factory

15 January, 2021
Weather Forecast

Weather: Fairly heavy falls about 75mm can be expected today

15 January, 2021
Parliament of Sri Lanka

Parliament: PCR tests carried today

13 January, 2021
Showers

Fairly heavy showers above 75mm can be expected

13 January, 2021
Low floor busses

Cabinet Decisions: Approves to purchase 200 Low Floor Buses

12 January, 2021
Ranjan Ramanayake

Ranjan Ramanayake sentenced to 04 years of rigorous imprisonment

12 January, 2021
Nancy Pelosi

Democrats give VP Mike Pence ultimatum to remove Trump from White House – Nancy Pelosi

12 January, 2021
Cinema Hall

Local cinema entertainment tax waived for 2 years

12 January, 2021
Udaya Gammanpila

Cabinet Decisions: Public sector to get Flexible working hours

12 January, 2021
Parliament of Sri Lanka

Parliament continues to function adhering with health guidelines – Secretary General Dhammika Dasanayake

12 January, 2021
Showers

Showers over Northern and Eastern provinces is expected to continue further

12 January, 2021
Rauff Hakeem

SLMC leader Rauff Hakeem tested positive for coronavirus

10 January, 2021
  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact
Saturday, 16 January 2021
24 °c
Colombo
26 ° Sun
25 ° Mon
25 ° Tue
26 ° Wed
Sri Lanka News - BusinessNews.lk
  • Home
  • News
    • Local
    • Covid-19
    • Developments
    • Sports
    • World
    • Weather
  • Business
    • Banking & Insurance
    • Corporate
    • CSR
    • Economy
    • Entrepreneur
    • Financial
    • Travel
    • Budget
  • Magazine
  • News – Sinhala
    • Business – Sinhala
No Result
View All Result
Sri Lanka News - BusinessNews.lk
Home Sinhala Business News

නවලෝක රෝහල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඔන්ලයින් රසායනාගාර වෙබ් අඩවිය වන LAB TESTS ONLINE හඳුන්වාදෙයි

by Editor
27 September, 2020
in Sinhala Business News, Sinhala News Today
1 min read
Nawaloka LAB TESTS ONLINE
1.4k
VIEWS
Share on FacebookShare on Twitter

ශ‍්‍රී ලාංකීය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රයේ පුරෝගාමී නවලෝක රෝහල රසායනාගාර ක්ෂේත‍්‍රයේ නව මානයක් සනිටුහන් කරමින් සිය 35වන සංවත්සරයට සමගාමීව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඔන්ලයින් LAB TESTS ONLINE රසායනාගාර වෙබ් අඩවිය පසුගිය 18වන දින නවලෝක රෝහල් සමුයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, නියෝජ්‍ය සභාපති හර්ෂිත් ධර්මදාස සහ අධ්‍යක්‍ෂ රසායනාගාර සේවා, මහාචාර්ය ලාල් චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් දියත් කරනු ලැබීය.

නවලෝක රෝහල විසින් හඳුන්වාදෙන මෙම නවතම සංකල්පයට අනුව Nawaloka Lab Tests on-Line වෙබ් අඩවියට පිවිස වෛද්‍යවරයා විසින් ලබාදෙන රෝග පරීක්ෂණ නිර්දේශ පත‍්‍රිකාව ^prescription& වෙබ් අඩවියට අතුලත් කොට, සිදු කළ යුතු රසායනාගාර පරීක්ෂාව නිවැරදිව තෝරාගෙන මේ සඳහා ගත වන කාලය, පිරිවැය පිළිබඳව දැනුවත් වීමෙන් අනතුරුව සේවාව ලබා ගන්නා පුද්ගලයා විසින් මුදල් ගෙවීමේ ක‍්‍රමවේදය සහ රසායනාගාර නියැදිය ලබාදෙන ආකාරය සඳහන් කළ යුතුය. නියමිත රසායනාගාර වාර්තාව පාරිභෝගිකයා විසින් සඳහන් කරන කාලසීමාව තුළ විද්්‍යුත් තැපෑල, අන්තර්ජාලය හෝ කුරියර් සේවාවක් හරහා ලබා ගැනීමේ හැකියාව මෙම සේවාව මගින් ලබා දී ඇත. රසායනාගාර නියැදිය රෝහලට ලබාදීමේ දී ඒ සඳහා ක‍්‍රමවේද කිහිපයක් මෙම වෙබ් අඩවිය හරහා පාර්භෝගිකයින්ට ලබා දී ඇති අතර නියැදි රැස්කරන ජංගම සේවාව, Drive through සේවාව හෝ රෝහල පැමිණ රසායනාගාර නියැදිය ලබා දිය හැක.

මෙම ක‍්‍රමවේදය මගින් වෛද්‍ය නිර්දේශය පරිදි සිදු කළ යුතු පරීක්ෂණයට අදාළව රෝගියා විසින් ලබාදිය යුතු රුධිර සාම්පලයන් නවලෝක රෝහල විසින් රෝගියාගේ නිවස වෙත ගොස් ලබා ගන්නා අතර පරීක්ෂණ වාර්තාව ද නිවෙස වෙත ගෙන්වා ගත හැකි බැවින් රෝගී පුද්ගලයාට විවේක සුවයෙන් නිවෙසටම වී සිටිය හැක. නවලෝක රෝහල විසින් හඳුන්වාදුන් මෙම නවතම වෙබ් අඩවිය ඔස්සේ රසායනාගාර සේවාවේ කාර්යක්‍ෂම සහ සරළ කර ඇති අතර බැංකු කාඞ්පත් මගින් ගනුදෙනු කිරීමට පහසුකම් සලසා ඇති බැවින් සමස්ත ක‍්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වා මුදල් භාවිතා කිරීමෙන් තොරව සේවාවාන් ලබා ගැනීමේ හැකියාව රෝගීන්ට ලබා දී ඇති අතර, රෝගියාගේ අවශ්‍යතාව පරිදි ඔහු හෝ ඇයගේ පරීක්ෂණ වාර්තාව සෘජුව හෝ ඩිජිටල් තාක්ෂණය මගින් වෛද්‍යවරයා වෙත යොමු කළ හැක. එමෙන්ම රෝගියා විසින් යළි රසායනාගාර පරීක්ෂණය සිදු කළ යුතු දින වකවානුව පිළිබඳව පසුවිපරම් සිහිකැඳවීමක් ද ඊමේල් මගින් දැනුවත් කිරීම මෙහි ඇති තවත් විශේෂත්වයෙකි.

මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් අනතුරුව එය භාවිතා කරනු ලබන සෑම පාරිභෝගිකයකුටම විශේෂිත පුද්ගල හඳුනාගැනීමේ අංකයක් ^UPIN& හිමිවන අතර නවලෝක රෝහලේ සියලූ සේවා සඳහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීමට මින් අවස්ථාව හිමි වේ. නවලෝක රෝහල සතු අති නවීන තොරතුරු තාක්ෂණික පද්ධතිය හා පරිගණකගත පරිපාලන මෙහෙයුම් පද්ධතිය තුළින් කාර්යක්ෂම සහ රෝගීන්ගේ පුද්ගලිකත්වය මුළුමනින්ම ආරක්ෂා කෙරෙන අතර රෝගීන්ගේ සුරක්ෂිතබව පිළිබඳව ඉහළම අවධානයක් යොමු කරයි.

නවලෝක රසායනාගාර වෘත්තිකයින් විසින් නිර්මාණය කළ ‘Lab Tests Online’ සේවාව මගින් රෝගීන් සඳහා නිර්දේශ කර ඇති රසායනාගාර පරීක්ෂණයන් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙන අතර මෙම දැනුවත් කිරීම සමස්ත ක‍්‍රියාවලියේම කොටසක් මෙන්ම රෝග නිර්ණය සඳහා සිදුකරන විශේෂ පරීක්ෂණයන් සහ ප‍්‍රතිකාර පිළිබඳව මනා අවබෝධයක් රෝගියාට ලබා දීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුවේ.

‘Lab Tests Online’ සේවාව පරිශීලනය කරන ඔබට පරීක්ෂණ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු, පරීක්ෂණයේ අරමුණු,හා සම්බන්ධ වී සිටින අවස්ථාවේදි මෙම පරීක්ෂණයේ අරමුණ, රෝගී තත්වයේ ස්වභාවය සහ කළයුතු අනුව පරීක්ෂණ, පරීක්ෂණ ප‍්‍රතිඵල හා සම්බන්ධ ගැටලූ සඳහා උපදෙස් ලබා ගැනීමට සහාය වන තොරතුරු, සහ වෙබ් අඩවි වෙත පිවිසීමේ හැකියාව වැනි සේවාවන් රැසක් මෙම වෙබ් අඩවිය හරහා ලබා ගැනීමේ හැකියා පවතී. සරළවම කිවහොත් මෙම වෙබ් අඩවිය හරහා රෝගීන්ගේ රසායනාගාර වාර්තා තුළින් ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳව ප‍්‍රශස්ත අවබෝධයක් ලබා දීම අපේක්ෂා කෙරේ.

මෙම වෙබ් අඩවිය පිළිබඳව අදහස් දක්වමින් නවලෝක රෝහලේ අධ්‍යක්‍ෂ රසායනාගාර සේවා – මහාචාර්ය ලාල් චන්ද්‍රසේන මහතා පැවසුවේ රෝගී තත්වය පිළිබඳව ඇති අවබෝධය සහ දැනුම, එම පුද්ගලයින්ගේ නිරෝගී බව පිළිබඳව ප‍්‍රමුඛතම සාධකය වන බවයි.

නවලෝක රෝහල තුළ ස්ථාපිථ වෛද්‍ය රසායනාගාරය වර්ග අඩි 15,000කින් සමන්විත වන අතර මෙය ශ‍්‍රී ලංකාවේ එක් සථානයක පිහිටි විශාලතම වෛද්‍ය රසායනාගාරය ද වෙයි. නූතන රසායනාගාර උපාංගයන්ගෙන් සමන්විත නවලෝක රසායනාගාරය මුළුමනින්ම පරිගණකගතව ක‍්‍රියාත්මක වන බැවින් මිනිස් ක‍්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන වැරදි මුළුමනින්ම මගහරවා ගැනීමට සමත් වී ඇත. මීට අමතරව සාමාන්‍ය පරීක්ෂාවන් වන සායනික රසායනාගාර පරීක්ෂණ, රක්තවේද, පටක පරීක්ෂණ, ක්ෂුද්‍ර ජීව පරීක්ෂණ, සහ අසාත්මිකතා, වෛරස අධ්‍යනය, ප‍්‍රතිදේහ පරීක්ෂණ වැනි විශේෂිත පරීක්ෂණ පහසුකම්වලින් ද මෙම රසායනාගාරය සමන්විත වේ. නවලෝක රසායනාගාරයේ අනුක ජීව පර්යේෂණාගාරය තුළ දෛනිකව PCR පරීක්ෂණ 750ක් පැවැත්වීමේ පහසුකම් ඇත.

නවලෝක රසායනාගාර සමූහය දිවයින පුරා පිහිටි ශාඛා පද්ධතියකින් ද , ස්වාධින රසායනාගාර සහ සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්ථාන රුසක් සමග ජාල ගතව සිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි.  අප සේවාව නිතර භාවිතා කරන්නන් සඳහා ප‍්‍රතිලාභ රැුසක් හිමි වන අතර නිරන්තරව සිදු කරන පරීක්ෂාවන් සඳහා වට්ටම් ලබා දීම, නොමිලේ ලබා දෙන ජංගම සේවා , ඉන් කිහිපයකි.

නවලෝක රසායනාගාරය ශ‍්‍රී ලංකා ප‍්‍රතීතන මණ්ඩලය විසින් ප‍්‍රතීතනය සහිත වෛද්‍ය රසායනාගාරයක් බවට සහතික කර ඇති අතර මෙහි සිදු කරන සියලූ වෛද්‍ය පරීක්ෂණයන් ගේ පර්යේෂණ හැකියාව ප‍්‍රතීතන මණ්ඩලයේ සහතික ලත් කමිටුවකගේ දැඩි අධීක්ෂණයට ලක්වේ.

වර්තමානයේ නවලෝක රෝහල දේශීය හා විදේශීය පිළිගැනීමක් ලබා ඇති අතර දකුණු ආසියාවේ පළමු 640 slice CT ස්කෑනර් යන්ත‍්‍රය, ශ‍්‍රී ලංකාවේ පළමු MRI යන්ත‍්‍රය පළමු 3D හොලොජික් මැමෝග‍්‍රෑම් යන්ත‍්‍රය, පළමු බයිපාස් සැත්කම ආදි සේවා සහ බොහෝ උසස් තාක්ෂණික වෛද්‍ය උපකරණ මෙරටට හඳුන්වා දීම සඳහා පූරෝගාමී විය.

මෑතකදී නවලෝක රෝහල ජාත්‍යන්තර JCI (HOSPITAL ACCREDITATION FROM JOINT COMMISSION INTERNATIONAL) ප‍්‍රමිතිකරණය හිමි කර ගැනීමට සමත් විය. රන් මුද්‍රාවකින් සහතික කෙරෙන මෙම ප‍්‍රමිතිකරණය හරහා ජාත්‍යන්තර තත්වයේ සුවසේවාවක් ලබා දෙනු පිණිස නවලෝක රෝහල දක්වන කැපවීම මනාව පිළිබිඹු කෙරේ.

නුදුරු අනාගතයේදී නවලෝක රෝහල විසින් මෙම පහසුකම විකිරණවේදය සහ වෙනත් පරිපූරක වෛද්‍ය සේවාවන් වෙත ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. එහිදී පරිශීලකයාට CT MRI ස්කෑන් , එක්ස් කිරණ ස්කෑන්, US ස්කෑන්, මැමෝග‍්‍රැෆි සහ ඩෙක්සා වැනි සේවාවන් ලබා ගත හැකි වනු ඇත. පෙර වෙන්කරවා ගත් රෝහල් සේවාවන් හැර අනෙක් සේවා ඊ සේවාවන් මගින් සිදු කෙරෙනු ඇත.

Tags: bnslBusiness News Sri LankaLkaSriLanka
Share126Tweet79

Related Posts

HNB offers Cashback to Credit Cardholders for orders on Uber Eats
Sinhala Business News

Uber Eats හරහා ඇණවුම් කරන ණයපත් හිමියන්ට HNB වෙතින් ආපසු මුදල්

14 November, 2020
Gunarathne
Sinhala Business News

ප‍්‍රතිසංස්කරණ ක‍්‍රමවේදය: කුඩා තේ වතුහිමියන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඵලදායීතාවයේ වැදගත්ම අංශයයි

14 November, 2020
Sophos
Sinhala Business News

සක‍්‍රීය සයිබර් ආරක්ෂණ ප‍්‍රහාර හඳුනා ගැනීම සහ උදාසීන කිරීම සඳහා Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාවක් (Rapid Response) දියත් කරයි

14 November, 2020
Central Bank of Sri Lanka
Sinhala Business News

කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ණය සහන කාලයක් ලබාදීම

13 November, 2020
Mahinda Rajapaksa
Sinhala Local News

සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබනවා- ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

12 November, 2020
President Gotabaya Rajapaksa
Sinhala Local News

නිවාස ව්‍යාපෘති රැසක ඉදිකිරීම් එකවර …කඩිනමින් වැඩ ඇරඹීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනපති ඇරයුම් ..

12 November, 2020

RECENT

CSE

CSE: For the first time ASPI crosses 7000 point mark in five years

6 January, 2021
CIMA

SLID and CIMA Webinar on “Entrepreneurship During a Pandemic”

6 January, 2021
SLIM

SLIM Hosts Inaugural International Marketing Management Conference

6 January, 2021
Allianz Insurance

Allianz Insurance Honours Star Performers at First Virtual Annual Awards

6 January, 2021
JKH Chairman Krishan Balendra

John Keells conducts ‘Break the Silence to End the Violence’ Campaign against Gender Based Violence

6 January, 2021
Lt Gen Shavendra Silva

Apparel Industry Stalwarts Appreciative of Task Force Roles Seek Extended Support

6 January, 2021
Perpetual Treasuries Limited

Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

6 January, 2021
Central Bank of Sri Lanka (CBSL)

Continuation of Measures Taken to Preserve the Foreign Currency Reserve Position of Sri Lanka

6 January, 2021
Ocean Lanka

Ocean Lanka Achieves Latest ISO 45001 Standard for Occupational Health & Safety Management Systems

5 January, 2021
Nawaloka Hospitals PLC records exemplary performance amidst tough economic backdrop

Nawaloka Hospitals maintains stringent safety protocols to ensure patient wellbeing

5 January, 2021
Sri Lanka News - BusinessNews.lk

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Navigate Site

  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • News
  • Local
  • Business
  • Covid-19
  • Sports
  • World
  • Magazine
  • Business – Sinhala

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist