• Latest
  • Trending
  • All
Kasturi Chellaraja elected as SLCPI chief for another year

කස්තුරි චෙල්ලරාජා නැවතත් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ සභාපති ධූරයට

16 July, 2020
President

President declares open South Asia’s largest tyre manufacturing factory

15 January, 2021
Weather Forecast

Weather: Fairly heavy falls about 75mm can be expected today

15 January, 2021
Parliament of Sri Lanka

Parliament: PCR tests carried today

13 January, 2021
Showers

Fairly heavy showers above 75mm can be expected

13 January, 2021
Low floor busses

Cabinet Decisions: Approves to purchase 200 Low Floor Buses

12 January, 2021
Ranjan Ramanayake

Ranjan Ramanayake sentenced to 04 years of rigorous imprisonment

12 January, 2021
Nancy Pelosi

Democrats give VP Mike Pence ultimatum to remove Trump from White House – Nancy Pelosi

12 January, 2021
Cinema Hall

Local cinema entertainment tax waived for 2 years

12 January, 2021
Udaya Gammanpila

Cabinet Decisions: Public sector to get Flexible working hours

12 January, 2021
Parliament of Sri Lanka

Parliament continues to function adhering with health guidelines – Secretary General Dhammika Dasanayake

12 January, 2021
Showers

Showers over Northern and Eastern provinces is expected to continue further

12 January, 2021
Rauff Hakeem

SLMC leader Rauff Hakeem tested positive for coronavirus

10 January, 2021
  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact
Saturday, 16 January 2021
24 °c
Colombo
26 ° Sun
25 ° Mon
25 ° Tue
26 ° Wed
Sri Lanka News - BusinessNews.lk
  • Home
  • News
    • Local
    • Covid-19
    • Developments
    • Sports
    • World
    • Weather
  • Business
    • Banking & Insurance
    • Corporate
    • CSR
    • Economy
    • Entrepreneur
    • Financial
    • Travel
    • Budget
  • Magazine
  • News – Sinhala
    • Business – Sinhala
No Result
View All Result
Sri Lanka News - BusinessNews.lk
Home Sinhala Business News

කස්තුරි චෙල්ලරාජා නැවතත් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ සභාපති ධූරයට

by Editor
16 July, 2020
in Sinhala Business News, Sinhala News Today
1 min read
Kasturi Chellaraja elected as SLCPI chief for another year

Kasturi Chellaraja elected as SLCPI chief for another year

1.5k
VIEWS
Share on FacebookShare on Twitter

පසුගියදා පැවැති ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ 59 වන වාර්ෂික මහා සම්මේලනයේදී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය 2020/21 වර්ෂය සඳහා එහි සභාපති ලෙස SLCPI විසින් ඒකමතිකව තෝරා ගන්නා ලදී. හේමාස් ෆාමසූටිකල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ වර්තමානයේ හේමාස් සමූහයේ ප‍්‍රධාන විධායක නිළධාරිනිය වන චෙල්ලරාජා මහත්මිය, දෙවන වසරටත් නව නිළධාරී මණ්ඩලය හා සාමාජිකත්වය සමඟ සංසදයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරනු ඇති අතර රජයේ හා පුද්ගලික අංශයේ කොටස්කරුවන් සමඟ එක්ව රටේ සෞඛ්‍ය සේවා න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යනු ඇත.

සෞඛ්‍යාරක්ෂාව පුද්ගලයෙකුට ආවේණික ලක්ෂණවලට සරිලන පරිදි එක් එක් පුද්ගලයාට ආවේණික වූ ඖෂධ හා වෛද්‍ය ප‍්‍රතිකාර කරා යොමුවන බවත් එනිසා වගකිව යුතු හා උසස් තත්වයේ ඖෂධ බෙදා හැරීමේදී ඖෂධ ක්ෂේත‍්‍රයට වැදගත් කාර්යභාරයක් පැවරී තිබූ බව චෙල්ලරාජා මහත්මිය පැවසුවාය.

පෞද්ගලික ආනයනකරුවන් තමන් විසින්ම නියාමනය කරන ක්ෂේත‍්‍රයකට කැපවන ලෙස සිය ප‍්‍රධාන දේශනයේදී, චෙල්ලරාජා මහත්මිය ඉල්ලා සිටියාය. ‘‘අප සැවොම ශ්‍රී ලාංකිකයෝ. ඔව්, අප ව්‍යාපාරයන් පවත්වා ගෙන යනවා, නමුත් අපගේ ප‍්‍රමුඛතාවය විය යුත්තේ රෝගීන්ගේ සුභ සාධනයයි,’’ යනුවෙන් ඇය අවධාරණය කළාය.

ඖෂධ සඳහා සාධාරණ මිල යාන්ත‍්‍රණයක් ඇතුළුව ජාතික අවශ්‍යතා සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙලට එකතු වීමට SLCPI දක්වන උනන්දුව පිළිබඳව ඇය විස්තර කළාය. එමඟින් පුළුල් පරාසයක විහිදී ගිය උසස් තත්වයේ ඖෂධ පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබා ගත හැකි වනු ඇත.

‘‘සාධාරණ මිල යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා රජය සමඟ එක් වීමට අප සූදානම්’’ යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසූවාය. මිල නියම කිරීම් සම්බන්ධ රෙගුලාසි, රුපියල අවප‍්‍රමාණය වීම, උද්ධමන අනුපාතය සමස්තයක් ලෙස ඉහළ යාම සහ මිල යාන්ත‍්‍රණයක් නොමැති වීම ආදිය ක්ෂේත‍්‍රයට විශාල අභියෝගයක් වී ඇත. ඉන්ධන වැනි ආනයන මත යැපෙන අත්‍යාවශ්‍යය සේවා මෙන් නොව, ඖෂධ නිෂ්පාදන මිල යාන්ත‍්‍රණයකට යටත් නොවේ.

පසුගිය මාස කිහිපය තුළ මුහුණ දුන් විවිධ අභියෝගයන් හමුවේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් ලෙස, සියලූම කාර්ය මණ්ඩල, සැපයුම් ජාල කොටස්කරුවන් සහ කර්මාන්තයේ සියලූම නියෝජිතයින්ගේ අද්විතීය කාර්යභාරය සහ ඒ සඳහා ඔවුන් සූදානම් වීමට දෑරූ උත්සාහය චෙල්ලරාජා මහත්මිය පැසසුමට ලක් කළාය. ‘‘කොවිඞ්-19 වසංගතය අපගේ ක්ෂේත‍්‍රයට පෙර නොවූ විරූ අභියෝග රැගෙන ආවා. අපගේ ව්‍යාපාර බොහොමයක් තවමත් අරගලයක යෙදී සිටින නමුත් රෝගීන් සහ රට අපගේ ප‍්‍රමුඛතාවය ලෙස සැලකීමට ක්ෂේත‍්‍රය වගබලා ගත්තා. ඖෂධ හිඟයක් ඇති නොවන බවත්, එසේ නොවූ බවත් රටට හා සෞඛ්‍ය ඇමතිනියට සහතික වීමට අපට හැකි වුනා’’, යනුවෙන් ඇය මහත් අභිමානයෙන් සඳහන් කළාය.

මෑතකදී ඇති වූ වසංගත තත්වය හේතුවෙන් උගත් පාඩමක් ලෙස, රටේ බෝ නොවන රෝග පිළිබඳ ගැටළු සහ ඒවා සමඟ ජීවත් වන ජනතාවගේ ප‍්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් ඒවා සමඟ ඔවුන්ට දෛනික ඖෂධ සැපයීම මත යැපීමට සිදුව ඇති බවත් නිරීක්ෂණය කළ බව ඇය පෙන්වා දුන්නාය. ‘‘ශ්‍රී ලංකාවේ NCDs වැළැක්වීමට හා සුව කිරීමට අප රජයට සහාය වීමට අවශ්‍යයි. ඒ සඳහා අප කළයුත්තේ උසස් තත්වයේ ඖෂධ ලබා දීම හා නව ඖෂධ ලබා දීමත් අවශ්‍ය බව ඇය පෙන්වා දුන්නාය. කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍යසේවා පද්ධතියේ ප‍්‍රධාන අංශයක් ලෙස, අපගේ ජනතාව අතර හොඳ සෞඛ්‍ය පුරුදු සහ වටිනාකම් ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි’’, යනුවෙන් ඇය අවධාරණය කළාය.

ක්ෂේත‍්‍රය වෙනුවෙන් 2020/21 වර්ෂය සඳහා ඇයගේ දැක්මට ඇතුළත් කරුණු:

  • තමන් විසින්ම නියාමනය කරන සහ ආචාර ධර්ම කරා යන ඔවුන්ගේ ගමන අඛණ්ඩවම කර ගෙන යාම
  • සාධාරණ මිල යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා අදාල පාර්ශ්ව සමඟ සම්බන්ධ වීම
  • ක්ෂේත‍්‍රයට පනවා ඇති රෙගුලාසිවල ප‍්‍රායා්ගික බව සහතික කිරීම සහ ඒවායේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉඩ දීම.

SLCPI හි 2020/21 වර්ෂය සඳහා නිළධාරී මඩුල්ල වන්නේ, ජ්‍යෙෂ්ඨ උප සභාපති – සංජීව විෙඡ්සේකර මහතා, විධායක අධ්‍යක්ෂක, ජෝර්ඡ් ස්ටුවර්ට් හේල්ත් (පුද්) සමාගම, උප සභාපති – අසාම් ජාවඞ් මහතා, කළමනාකාර අධ්‍යක්ෂක, සිප්ලා ෆාර්මා ලංකා සමාගම, ගරු. ලේකම් – රොල්ෆ් බ්ලේසර් මහතා, ප‍්‍රධාන විධායක නිළධාරී/කළමනාකාර අධ්‍යක්ෂක,  ඒ. බවර් සහ සමාගම, භාණ්ඩාගාරික – සිරිමල් ප‍්‍රනාන්දු මහතා, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක, ඇස්ට‍්‍රන් ලිමිටඞ්.

SLCPI වර්තමානයේදී පුද්ගලික ඖෂධ ක්ෂේත‍්‍රයෙන්, නිෂ්පාදකයින්, ආනයනකරුවන් බෙදාහරින්නන්, සහ වෙළෙඳුන්ගෙන් 80%කට වඩා දායකත්වය දක්වන සාමාජිකයින් 60 කට වැඩි සාමාජිකයින් සංඛ්‍යාවකගේ නියෝජිත ලෙස සේවය කරයි.

Tags: bnslBusiness News Sri LankaLkaSriLanka
Share132Tweet83

Related Posts

HNB offers Cashback to Credit Cardholders for orders on Uber Eats
Sinhala Business News

Uber Eats හරහා ඇණවුම් කරන ණයපත් හිමියන්ට HNB වෙතින් ආපසු මුදල්

14 November, 2020
Gunarathne
Sinhala Business News

ප‍්‍රතිසංස්කරණ ක‍්‍රමවේදය: කුඩා තේ වතුහිමියන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඵලදායීතාවයේ වැදගත්ම අංශයයි

14 November, 2020
Sophos
Sinhala Business News

සක‍්‍රීය සයිබර් ආරක්ෂණ ප‍්‍රහාර හඳුනා ගැනීම සහ උදාසීන කිරීම සඳහා Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාවක් (Rapid Response) දියත් කරයි

14 November, 2020
Central Bank of Sri Lanka
Sinhala Business News

කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ණය සහන කාලයක් ලබාදීම

13 November, 2020
Mahinda Rajapaksa
Sinhala Local News

සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබනවා- ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

12 November, 2020
President Gotabaya Rajapaksa
Sinhala Local News

නිවාස ව්‍යාපෘති රැසක ඉදිකිරීම් එකවර …කඩිනමින් වැඩ ඇරඹීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනපති ඇරයුම් ..

12 November, 2020

RECENT

CSE

CSE: For the first time ASPI crosses 7000 point mark in five years

6 January, 2021
CIMA

SLID and CIMA Webinar on “Entrepreneurship During a Pandemic”

6 January, 2021
SLIM

SLIM Hosts Inaugural International Marketing Management Conference

6 January, 2021
Allianz Insurance

Allianz Insurance Honours Star Performers at First Virtual Annual Awards

6 January, 2021
JKH Chairman Krishan Balendra

John Keells conducts ‘Break the Silence to End the Violence’ Campaign against Gender Based Violence

6 January, 2021
Lt Gen Shavendra Silva

Apparel Industry Stalwarts Appreciative of Task Force Roles Seek Extended Support

6 January, 2021
Perpetual Treasuries Limited

Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

6 January, 2021
Central Bank of Sri Lanka (CBSL)

Continuation of Measures Taken to Preserve the Foreign Currency Reserve Position of Sri Lanka

6 January, 2021
Ocean Lanka

Ocean Lanka Achieves Latest ISO 45001 Standard for Occupational Health & Safety Management Systems

5 January, 2021
Nawaloka Hospitals PLC records exemplary performance amidst tough economic backdrop

Nawaloka Hospitals maintains stringent safety protocols to ensure patient wellbeing

5 January, 2021
Sri Lanka News - BusinessNews.lk

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Navigate Site

  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • News
  • Local
  • Business
  • Covid-19
  • Sports
  • World
  • Magazine
  • Business – Sinhala

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist